අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ සහ අර්ධ හානියට පත් නිවාස හඳුනා ගැනීම නිසි ක්‍රමවේදයකට අනුව සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා .
වන්දි ලබා දීම සඳහා අවශ්‍ය නිවැරදි දත්ත කාර්යක්ෂමව ලබා ගැනීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ .
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නිවාස සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් නිවාස සහ ඊට අදාළ වන්දි ලබා දීමේ ක්‍රියාවලිය සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.
මෙවැනි ව්‍යසනයකට ජනතාව නැවත ලක් නොවන අයුරින් අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දීර්ඝ කාලීන විසඳුමක් ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා නිවැරදි දත්ත හඳුනා ගන්නා ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන්නා.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති අරවින්ද සිරිනාත යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.












