ඉන්දීය ආපදා ආධාර රැගත් 08 වන ගුවන් යානයද අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
එම ගුවන් යානය තුළ මෙට්‍රික් ටොන් 53 බරැති අඩි 110 ක් දිගැති මංතීරු දෙකකින් යුතු යකඩ බේලි පාළමක් රැගෙන විත් තිබුණා .
එය ඉන්දීය රජය විසින් මෙරටට පරිත්‍යාග කිරීමට නියමිත පාලම් 10 න් 02 වැනි එක වනවා.
මෙම පාළම ඉන්දීය හමුදා ඉංජිනේරුවරුන් සහ ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් විසින් එක්ව නුවරඑළිය ප්‍රදේශයේ ස්‍ථාපිත කිරීමට නියමිතයි .
මීට අමතරව බෝට්ටු , සීනි සහ විදුලි ජනක යන්ත්‍ර තොගයක් ද ඔවුන් රැගෙන විත් තිබුන .
මේ අතර Rebuilding Sri Lanka අරමුදලට විදෙස්ගත ශ්‍රමිකයන් 19,000 ට අධික පිරිසක් මුදල් බැර කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසනවා.
මෙරටට භාණ්ඩ එවන පිරිසට අඩු ලේඛණ ප්‍රමාණයකින් හා කිසිදු ගාස්තුවකින් තොරව භාණ්ඩ එවීමේ ක්‍රියාවලිය පහසු කර ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කලේ .













