ආණ්ඩුව පාලනය කරන්නේ පැලවත්තෙන් බවත් පක්ෂයක් පාලනය කළ ආකාරයෙන් රටක් පාලනය කළ නොහැකි බවත් ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමියන් පවසනවා.
උන් වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ දේශපාලන වේදිකාවේ කියපු දේවල් අද වන විට ඉෂ්ඨ කිරීමට නොහැකි වී ඇති බවයි.
එසේම තවත් කෙනෙක් කියන දෙයක් පිළිගැනීමට ආණ්ඩුවේ පිරිස් අකමැති බවද උන්වහන්සේ කියා සිටියා.
ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් මේ බව කියා සිටියේ අද (01) පෙරවරුවේ කැඳවු මාධ්‍ය හමුවකදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් මෙලෙස කියා සිටියා.
“ජනාධිපතිතුමන්ට දැඩි අවශ්‍යතාවක් තියෙනවා රටට යමක් කරන්න. මම දැක්ක දේ.
මේ ගොල්ලන්ට තියෙනවා ප්‍රායෝගිකව අත්දැකීම් නොමැතිකම, ඒ වගේම යම් කරුණක් පැහැදිළි කළාම අවබෝධයක් ගන්න නොහැකිකම.
ඒ වගේම අනෙක් එක තමයි පැලවත්තෙන් තමයි ආණ්ඩුව පාලනය කරන්නේ.
ඒ පක්ෂයක් පාලනය කරපු විදිහට මම හිතන්නේ නෑ රටක් පාලනය කරන්න පුලුවන් කියලා.
එදා වේදිකාවේ කියපු දේවල් අද ඉෂ්ඨ කරන්න බෑ, ඇත්ත කථාව ඒක.
නමුත් ජනතාවත් එක්ක වැඩකරන කොට නිර්මාණශීලීව ජනතාවට දැනෙන විදිහට අවබෝධයක් ලබාගෙන කටයුතු කරන්න ඕන.
මේ ගොල්ල කැමති නෑ තව කෙනෙක් කියන එකක් පිළිගන්න.
එහෙම එකකුත් තියෙනවා මට පෞද්ගලිකව පේන දේ.
මේ අය තවම මාස කීපයයි, මේ අයට තව කාළයක් දිය යුතුයි මේක කරනවාද නැද්ද කියලා විවේචන කරන්න කලින් අවස්ථාව ලබා දිය යුතුයි.
මම ඉල්ලීමක් කරනවා ටිල්වින් සිල්වා සහෝදරයාගෙන් කරුණා කරලා මේ ක්‍රමය වෙනස් කරන්න.
මේ ක්‍රමය වෙනස් කරලා රටට ගැලපෙන තීන්දු තීරණ ගන්න.
සමහර අමාත්‍යංශවලට ගියහම අපිට දැනෙනවා ඒ අමාත්‍යංශ තුළ යමක් කරන්න පුලුවන් බොහෝම සීමාසහිතයි. ඉස්සර එහෙම තිබුණේ නෑ.
මේ වැඩපිළිවෙල හොඳයි. නමුත් රටට අවශ්‍යය දේ තීන්දු ඒ විෂයපථය භාර ඇමතිවරයාට, නියෝජ්‍යය ඇමතිවරයාට, ඒ නිළධාරීන්ට තිබිය යුතුයි කියලායි මම අදහස් කරන්නේ.
ඒ නිසා ඒ පිළිබඳවත් ආණ්ඩුව හිතනවා නම් කල්පනා කරනවා නම් මේ ක්‍රමයට අපිට යන්න බෑ කියලා වැරදි තියෙනවා නම් ඒවා පැහැදිලි කරගෙන අවබෝධ කර ගෙන කටයුතු කරන්න පුලුවන් නම් හොඳ ගමනක් මේ ආණ්ඩුවට යන්න පුළුවන්.”