ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිනී ලංකා කම්කරු කොංග්‍රසයේ සත්‍යමුර්ති රතිදේවි මහත්මිය ගමන් ගත් ප්‍රාදේශීය සභාවට අයත් කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක්ව තිබෙනවා.
ඩයගම පොලිස් බලප්‍රදේශයේ වෙවර්ල් වතුයායේ මෝර් නින්ටන් කොටසේදී 28 වැනිදා පස්වරු හතරට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම වතුයායේ පැවැති පිළිගැනීමේ උත්සවයකට සභාපතිනිය සහ ඇයගේ සැමියා සහ රියදුරත් සමග ගමන් කරමින් සිටියදී කැබ් රථය ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතටපැන තේ වත්තට පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවලා සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති ධුරය දරණ නුවරඑළිය, ආගරපතන සහ කොටගල යන ප්‍රාදේශීය සභාවල නිල කැබ් රථවල රාජ්‍ය ලාංඡනය සහ ප්‍රාදේශීය සභාවේ නම ඉවත් කර සභාපතිවරුන් විසින් එම නිල කැබ් රථ පෞද්ගලික ගමන් බිමන් සහ දේශපාලන කටයුතුවලට භාවත කරන බව එම් ප්‍රාදේශීය සභාවල සේවකයින් කියා සිටිනවා.