
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව අගෝස්තු මාසයේ දීමනාව අද ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි. ඒ අනුව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් නවලක්‍ෂ අනූනවදහස් පන්සිය දෙකක් සඳහා අද දිනයේ රුපියල් මිලියන 9,242ක මුදලක් බැංකු ගිණුම් වෙත බැර කරනු ලබනවා. එහි දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් දෙලක්‍ෂ දොළොස්දහස් නවසිය පනස්පහක් සඳහා රුපියල් මිලියන 2,321ක මුදලක් ගෙවීමට සැලසුම් කර තිබෙනවා ඊට අදාළව, ප්‍රතිලාභීන්ට තම මුදල් අද සිට අස්වැසුම බැංකු ගිණුම් මඟින් ලබාගැනීමේ හැකියාව පවන බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කලේ.














