කාන්තාවන් දෙදෙනෙකුට බැන තර්ජනය කර එක් කාන්තාවකගේ මුහුණ බද්ධ කර සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඩොලර්වලින් මුදල් ඉපයූ බව කියන පුද්ගලයෙකු මෙම මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (ජූනි 15) නියෝග කළා.
එම වීඩියෝ පට පුද්ගලයන් දෙලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති බව පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක අධිකරණයට දැන්වුුුවා.
එම පුද්ගලයා මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මහරගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත කරන ලද පැමිණිලි දෙකක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුුුණා.
පැමිණිලිකාර එක් කාන්තාවකගේ මියගිය දරුවෙකුට පිං පිණිස දන්සලක් පැවැත්වීම සඳහා සැකකාර පුද්ගලයා එම පැමිණිලිකාරියගේ ද අවසර ඇතිව ආධාර මුදල් එකතු කර ඇති අතර එකතු කළ එම ආධාර මුදල්වලින් දන්සලක් නොපවත්වා මුදල් වංචා කිරීම නිසා දෙපාර්ශවය අතර බහින්බස් වීමක් ඇතිවී තිබෙනවා.
එම බහින්බස්වීමෙන් පසුව එම පුද්ගලයා කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මුහුණ යොදා සකස් කරන ලද අසභ්‍ය වීඩියෝ පට ටික්ටොක් ඔස්සේ ප්‍රචාරය කර මුදල් උපයා ඇති බව අධිකරණයට දැක්වූ කරුණුවලින් අනාවරණය වී තිබුණා.