ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා ධුරයෙන් ඉවත් කරන්න ලෙස ඉල්ලීමක් සිදු කරමින් සමගි ජන බලවේගය ගෙනඑන විශ්වාසභංග යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාරදී තිබෙනවා.
මෙම විශ්වාසභංග යෝජනාව කරුණු 15කින් සමන්විත වන බවයි වාර්තා වුනේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මගින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, ඒ මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරන රජයක බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇතිවන බව අදාළ යෝජනාවන්හි දක්වා තිබෙනවා.
ඒ හේතුවෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේදැයි විශාල ගැටලුවක් පවතින බවයි එහි දක්වා ඇත්තේ.
මෙම විශ්වාස බංගයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳවැටී ඇති හෙයින් ඔහු ධුරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් ගරු සභාවේ විශ්වාසය කඩව ඇති බවයි.