අරණායක පොලිස් වසමේ අරම ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අරණායක පොලීසියට ලද තොරතුරකට අනුවයි.
පොලිස් භාරයට ගත් එම මත්ද්‍රව්‍ය ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන්නියක් වන දිලිනි නැමැත්තිය විසින් මෙරටට එවන ලද ඒවා බවට පොලීසිය සැකකරනු ලබනවා.
අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ අල්මාරියක් තුළ ඉතා සූක්ෂම අයුරින් මෙම අයිස් නැමැති මත්ද්‍රව්‍ය සඟවා තිබීයදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
අදාළ සැකකරු අරණායක, අරම ප්‍රදේශයේ 43 හැවිරිදි විවාහක පුද්ගලයෙක් බවයි පොලීසිය පවසන්නේ.