ප්‍රංශයේ දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
ඒ අයවැයෙන් යෝජිත කප්පාදු කිරීම්වලට එරෙහිව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇති මෙම විරෝධතා සඳහා ගුරුවරුන්, දුම්රිය රියදුරන්, සෞඛ්‍ය කාර්යමණ්ඩල සමාජිකයින් මෙන්ම තරුණ තරුණියන් විශාල පිරිසකගේ ද සහාය හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණා.
2023 වසරේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනයට එරෙහිව පැවති විරෝධතාවයෙන් අනතුරුව ප්‍රංශය තුළ මෙවැනි දැවැන්ත විරෝධතාවයක් සංවිධානය වූ පළමු අවස්ථාව මෙය වනවා .