ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, අමෙරිකා එක්සත් ජනපද අභ්‍යන්තර ආදායම් සේවාවට සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පවරා තිබෙනවා.
ඒ, සිය පළමු ජනාධිපති ධුර කාලය තුළ තම බදු වාර්තා අනවසරයෙන් මාධ්‍ය වෙත නිකුත් කිරීම හේතුවෙන්.
ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට අධික වන්දියක් ඉල්ලා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ෆෙඩරල් අධිකරණයකදී මෙම නඩුව ඊයේ ගොනු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඩොනල්ඩ් ට්‍රම්ප් තම පුත්‍රයන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප් සමඟ එක්ව මෙම නඩුව ගොනු කර ඇත්තේ ජනාධිපති ලෙස නොව පුද්ගලික මට්ටමින් බවයි සදහන් වන්නේ.
මෙම තොරතුරු අමෙරිකා එක්සත් ජනපද අභ්‍යන්තර ආදායම් සේවාවේ හිටපු කොන්ත්‍රාත්කරුවෙකු වන චාල්ස් ලිට්ල්ජෝන් විසින් නීතිවිරෝධී ලෙස ලබාගෙන මාධ්‍ය වෙත හෙළි කර ඇති බවට ට්‍රම්ප් චෝදනා කරනවා.










