අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනය කළමනාකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන්ගෙන් සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල අපරා්ධ අංශය විසින් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදී හික්කඩුව ප්‍රදේශයේ තිබී පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද සොයාගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.













