Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අප්‍රේල් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අපි මේවා පුරුදු වෙන්න කරන ඒවා නෙවෙයි…

    අපි මේවා පුරුදු වෙන්න කරන ඒවා නෙවෙයි…

    තලාව සභාවේ සභාපති කැත්ත අතට ගනියි
    2025-07-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.70 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එප්පාවල නගරයේ පිහිටි වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය දීර්ඝ කාලයකින් සුද්ධ පවිත්‍ර නොකිරීම හේතුවෙන් වල්බිහි වී විවිධ පිරිස් කැලිකසල දමා, මත්ලෝලීන්ගේ රජදහනක් බවට පත්ව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් එප්පාවල මහජන ආරක්ෂක කමිටුව අවධානය යොමු කර, තලාව ප්‍රාදේශිය සභාව හා ප්‍රදේශවාසින් හා ව්‍යාපාරික ප්‍රජාව එක්ව එම මාර්ගය සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමාදානයක් අද (13) සංවිධානය කර තිබුණා.

    එම අවස්තාවට තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති කරුණාදාස දිසානායක, මන්ත්‍රීනී මංගලිකා දිසානායක මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයින්, එප්පාවල පොලිස් ස්ථාන නිළධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව හා ප්‍රදේශවාසීන් එක්ව සිටි අතර, එම මාර්ගය දෙපස වැවි තිබූ කැලෑව සුද්ධ පවිත්‍ර කර මාර්ගයේ වලවල් බොරලු දමා වසා දමමින් සුද්ධ පවිත්‍ර කළා.

    තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු මන්ත්‍රීවරුන්ද මෙම ශ්‍රමදානයේදී තම ශ්‍රමදායකත්වය නොමසුරුව ලබා දෙන අයුරු දැක ගත හැකි විය.

    එම වැව් බැම්ම පිරිසිදු කරන අතර තුර ස්ථාන කීපයකින් දන්ත ශල්‍යාගාරවලින් ඉවත් කරන අපද්‍රව්‍ය මලු කීපයක් හමු වු අතර, එය නගරයේ පිහිටි පෞද්ගලික දන්ත ශල්‍යාගාර දෙකෙන් එකක් විසින් සිදු කරන්නට ඇතැයි සැක කරන බවද ශ්‍රමදානයට සහභාගීවූවෝ පවසනවා.

    තලාව ප්‍රාදේශිය සභා මන්ත්‍රීනී මංගලිකා දිසානායක මහත්මිය මෙම වැඩසටහන සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

    එප්පාවල මහජන ආරක්ෂක කමිටු යටතේ එප්පාවල කොට්ඨාශයේ එප්පාවල වැව් බැම්ම සුද්ධ පවිත්‍ර කිරීම සිදු කරනවා.

    ගොවි සංවිධාන, ස්වෙච්ඡා සංවිධාන හා ප්‍රදේශවාසීන්ගේ දායකත්වය මේ සඳහා ලැබෙනවා.එප්පාවල නගරය ආශ්‍රිතව පිහිටා ඇති වැවක් නිසා විශේෂයෙන්ම වැව් බැම්ම බොහෝ දෙනෙක් විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කරනවා.

    ඒ අතර පාසල් දරුවන් සහ වෙනත් පිරිස් වැව් බැම්ම භාවිතා කරනවා විකල්ප මාර්ගයක් ලෙස, මේ වැව් බැම්ම කැලෑ වැදිලා තියෙන එක ඇත්තටම අනාරක්ෂිත බවක් තියෙනවා.

    ඒ නිසා ඔවුන්ගේ පහසුව සඳහා මේ වැව් බැම්ම අපි සුද්ධ පවිත්‍ර කරනවා.

    තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති කරුණාදාස දිසානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසින්.

    අපි අද එප්පාවල වැව් බැම්ම මතින් දිවෙන මාර්ගය කැලේ වැවිලා මිනිසුන්ට යන්න එන්න බැරි තත්වයක තියෙන බව තලාව ප්‍රාදේශීය සභාව දැනුම්වත් කළා.

    ඒ අනුව අපේ යන්ත්‍ර සුත්‍ර හා ජනතාව එකතු වෙලා මේ මාර්ගය පිළිසකර කරන ශ්‍රමදානයක් තමයි අද සිදු කරන්නේ.

    අපි මේ ප්‍රදේශයේ උපන් මිනිස්සු, අපිට කොහොමත් කැත්ත උදැල්ල සියල්ල අපිට හුරුයි.
    ඒ නිසා තමයි අපි මිනිස්සු එක්ක වැඩ කරන්නේ.

    විවිධ අය, විවිධ දේවල් කිව්වාට අපි ඇවිත් තියෙන්නේ ඔෆිස් කාමරවල ඒ.සී දාගෙන පුටුවල කැරකි කැරකී ඉන්න නෙමෙයි.

    පහුගිය ඉතිහාසයේ දැක්කේ ඒක, දේශපාලඥයෝ කියන්නේ ප්‍රථිපත්ති හදනවා වගේම ජනතාව එක්ක එකට ඒකාබද්ධ වෙලා වැඩ කරන්න පුරුදු සමාජයක් අපි හදන්න ඕන.

    ඒ නිසා තමයි අපේ මැතිඇමතිවරු පවා මේ වැඩ වල යෙදිලා ඉන්නේ.

    මට ප්‍රාදේශිය සභාවේ සභාපති කියලා පැත්තකට වෙලා ඉන්න බෑ.

    ජනතාව වැඩ කරන කොට ඒ ඒකක වැඩ කරන්න ඕන ඒ කාර්ය තමයි අද ඉෂ්ඨ කරමින් තියෙන්නේ.

    පෙර පුව​තඉෂාරා සෙව්වන්දිගේ මව ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත රටේ කෘෂි කර්මාන්තයෙන් ගොවීන් ඉවත්වෙමින් සිටිනවා

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group