පාන් මිල පහළ ගියද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වෙනස් නොවන බව බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරනවා.
අද මාධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාව පළ කර ඇති බව වෙළෙඳ අමාත්‍යංශය පවසනවා.
මේ අතර, අද සිට ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 10කින් පහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් සමාගම් ඊයේ තීරණය කළා.
වෙළඳ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ මැදිහත් වීමෙන් මිල අඩුකිරීමට අදාළ සමාගම් පියවර ගත් බවයි.