72 වැනි ලෝක රූ රැජින තරගාවලිය ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල ඉන්දියාවේදී පැවැත්වුණා.
එහි අවසන් මහා තරගය පසුගිය මැයි මස 31 වැනිදා ඉන්දියාවේ තෙලඟනා හි හයිද්‍රාබාද් නුවර දී පැවැත්වුණා.
මේ වෙනුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකාව නියෝජනය කළ අනුදි ගුණසේකර අද යළි දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග කළ අනුදි ගුණසේකරට එම තරගයේදී අවසන් 40 දෙනා අතර පිවිසීමේ හැකියාව හිමි වුයේ නැහැ. නමුත් මෙම
72වැනි ලෝක රූ රැජින තරගාවලියේදී පසුගිය දා පැවැති තරගවලින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට අනුදි ගුණසේකර සමත්වූ අතර හෙඩ් ටු හෙඩ් සහ මල්ටිමීඩියා අංශවල අවසන් වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට ඇය සමත් වුණා.
ඒ මෙරට ඉතිහාසයේ පළමුවරට එම අංශවලින් අවසන් වටයන් සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිනිය බවටද පත්වෙමින්.