
සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බව පොලීසිය පවසනවා.
රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසා සිටියේ, සියලු මගීන් ආසනපටි පැලඳීම අනිවාර්ය වන බවයි. ආසනපටි නොමැතිව ගමන් කරන පුද්ගලයෙකුට රු 1,000ක දඩ මුදලක් පැනවිය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.














