තලවකැලේ නගරයේ සිට තලවකැලේ වතුයාය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක ඉදිරිපස රෝදය ගැලවී ඉවතට විසීමෙන් ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගයේ පෙරලීමෙන් ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු තුවාල ලබා ලිඳුල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව තලවකැලේ පොලිසිය පවසනවා.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ සමන් දේවාලය අසලදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය කර ඇති ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රීරෝද රථයේ රෝදය ගැලවී ගොස් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදුව ඇති බවත් අනතුර පිළිබඳ පරීක්ෂන සිදු කරනු ලබන තලවකැලේ පොලිසිය පවසනවා.












