වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණ නියෝගයට අනුව බන්ධනාගාර රෝහල වෙත යොමු කර ඇති බව වාර්තා වනවා.
ඔහු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත කුමාරගේ ඊයේ නියෝග කර තිබුණේ.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් දුමින්ද දිසානායක කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කර ලබා ගත් වෛද්‍ය වාර්තා අනුව ඔහු රෝගී තත්ත්වයෙන් පසු වන නිසා බන්ධනාගාර රෝහලට යොමු කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.