පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරු 04.00සිට හෙට පස්වරු 04.00 දක්වා නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා
ඒ අනුව බදුල්ල , කොළඹ ,කළුතර , මහනුවර යන දිස්ත්‍රික්ක සඳහා පළමු මට්ටමේ අනතුරු ඇගවීම් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.
එමෙන්ම කෑගල්ල ,කුරුණෑගල ,මොනරාගල , නුවරඑළිය ,රත්නපුරල්ල යන දිස්ත්‍රික්කයන් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ අතර පවතින අයහපත් කාළගුණය හේතුවෙන් ප්‍රධාන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙලෙස අවලංගු කර ඇත්තේ අද දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය යි.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි













