මන්නාරම් බොක්ක ප්‍රදේශයේ ප්‍රදේශයේ පවතින අඩුපීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත් මේ හේතුවෙන් මෙම පද්ධතිය මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම තවදුරටත් අඩුවෙමින් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත් උතුරු, උතුරු මැද, උ්ෟව සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම වයඹ සහ මධ්‍යම පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වි හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව නිවේදනය කරන්නේ.
මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා වූ කාලගුණ අනාවැකියද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන ප්‍රදේශය තවදුරටත් දුර්වල වෙමින් පවතී.
කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලට යෙදීම වළක්වාලමින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් ඉවත් කරනු ලබන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
වැසි තත්ත්වය
මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රීකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැක.
සුළඟ
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර සිට ඊසාන දක්වා දිශාවලන් හමා එයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ක් 55ක් පමණ දක්වා ඉහළ යා හැක.
මුහුදේ ස්වභාවය
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.













