දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන්.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල, ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදු් සහිත තත්ත්වයක් පැවැතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය ද කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
වැසි තත්ත්වය
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.
සුළඟ
සුළං ඊසාන දිශාවෙන් තමයි එයි.
සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ වේ.
කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ක් 50ක් දක්වා වැඩි විය හැක.
මුහුදේ ස්වභාවය
කළුතර සිට කොළඹ සහ පුත්තලම හරහා මන්නාරම දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් ිට තරමක් රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.












