
අතුරුගිරිය – හබරකඩ, මුල්ලේගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවු මෙම වෙඩිතැබීමෙන් 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර පවතින ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය මේ වන විට අනාවරණය වී තිබෙනවා. විදෙස්ගතව සිටින අපරාධ කල්ලි සමාජිකයෙකු බව කියන හබරකඩ කසුන්ගේ ඥාති සහෝදරයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලීසිය පවසන්නේ. යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබෙනවා. අතුරුගිරිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළා.














