සිරකරුවන් දහස බැගින් නිදහස් කිරීමට රුසියාව සහ යුක්‍රේනය එකඟ වී තිබෙනවා.
රුසියාවේ සහ යුක්රේනයේ රඳවාගෙන සිටින සිරකරුවන් දහස බැගින් නිදහස් කිරීමට දෙරටේ නියෝජිතයින් අතර ඊයේ පැවති සාකච්ඡාවේදී මෙම එකගතාවයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
යුක්රේන සහ රුසියානු බලධාරීන් අතර සාම සාකච්ඡා ඊයේ පළමු වරට තුර්කියේ පැවැත්වුණා.
පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී සටන් විරාමයක් ගැන සාකච්ඡා වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපති ව්ලොදමීයර් සෙලෙන්ස්කි කියා සිටියේ රුසියාව සටන් විරාමයක් සදහා එකග නොවන්නේනම් ඔවුන්ට විරුද්ධව සම්බාධක පනවන බවයි.