සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තුන් වැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. අද පස්වරු 2.30 ට තරගය ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින් සමන්විත මෙම එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා පිල ලකුණු 77 කින් ජය ගත් අතර බංග්ලාදේශය දෙවන එක්දින තරගය ලකුණු 16 කින් ජය ගනු ලැබුවා. මේ අනුව මෙම තරගාවලිය මේ වන විට පසුවන්නේ 1 ට 1 ක් ලෙස සම තත්ත්වයේ පවතිනවා. දෙපිලම අද තරගයට පිවිසෙන්නේ තරගය ජය ගෙන එක්දින තරගාවලියේ ජය ගැනීමේ අරමුණින් වීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජය ගැනීමට හැකියාව ලැබුණහොත් බංග්ලාදේශයට එරෙහිව වසර හයකට පසුව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට අවස්ථාව උදාවනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සහභාගි වූ අවසන් එක්දින තරග 10 න් තරග 8 ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













