ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ නව සන්ධානයකින් ඉදිරි මැතිවරණ සදහා මුහුණ දෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
මතභේදයට ලක්ව තිබු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවීම සම්බනධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් ලසන්ත අලගියවන්න මහතාගෙන් විමසා සිටියා.