ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතයට ගෙන මෙවර මැතිවරණයට නාම යෝජනා ඉදිරිපත් කර ඇති පුවතක් වාර්තා වනවා.
දෙහිවල – ගල්කිස්ස මහනගර සභාව සඳහා තරග කරන අපේක්ෂකයෙකු මෙලෙස ඒ මහතාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කරමින් නාමයෝජනා භාරදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද පැමිණිල්ලක් සිදු කරන බවයි.