ජපාන රජයේ අධාරයක් ලෙස ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගියදා වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙම ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සහ මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ දී මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවට ගැලපෙන ලෙස යම් යම් වෙනස්කම් කරමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට අවධානය යොමු කළා.