නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පුද්ගලෙයක් නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ වයස අවුරුදු 39ක් පමණ වූ හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ උදරයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවටත් පසුගිය 14 වනදා පුද්ගලයෙකුගේ පහරකෑමට ලක්ව ඇති බවටත් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසනවා.
මෙම මරණකරුට පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා විමර්ශන සිදු කරනු ලබන බවද පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














