රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ ලංකා රාජ්‍ය මේඝය සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්.
තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්, මෙම ක්ලවුඩ් සේවාවන් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.










