
රත්මලාන කඳවල හන්දිය ආසන්නයේදී පසුගියදා වෙඩි තබා සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22ක් තිබූ බව සඳහන්. මෙම සැකකරුවන් විසින් අපරාධය සඳහා ගිනි අවි ප්‍රවාහනය කර ඇති අතර වෙඩික්කරුට සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සපයා දීමටද කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.














