
කොංගෝ රාජ්‍යයේ හටගෙන ඇති ඉබෝලා වසංගතය, ලෝකයේ වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය පවා ඉක්මවා යෑමේ දැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ වසංගතය හේතුවෙන් මරණ 2,000 කට වඩා සිදුව ඇති බවයි. රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් විවිධ පියවරයන් ක්‍රියාත්මක කරමින් පවතින බවයි වාර්තා වන්නේ.














