
රක්ෂිත වනාන්තරයක් එළිපෙහෙලි කළ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අක්කරායන්කුලම් , මුක්කම්පන් ප්‍රදේශයේ පිහිටි අක්කරායන් රක්ෂිත වනාන්තරය පිරිසක් විසින් එළිපෙහෙලි කරන බවට ලද තොරතුරක් මත සිදු කල වැටලිමකදියි . මේ සදහා වනජීවි නිලධාරීන් මෙන්ම කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ද එක්ව සිටියා . එහිදී, රක්ෂිතය එළිපෙහෙලි කරමින් සිටි සැකකරුවන් හා ඒ සඳහා යොදා ගත් ජේ සී බී යන්ත්‍රය අත්අඩංගුවට ගැනීමට යාමේදී, සැකකරුවන් සහ නිලධාරින් අතර උණුසුම් තත්වයක්ද හටගෙන තිබුනා .














