
ජූලි මාසය පුරා යුරෝපයේ පැතිර ගිය මහා පරිමාණයේ ලැව්ගිනි අගෝස්තු මාසය වනවිටත් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. ග්‍රීසිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වැනි රටවල දැඩි උණුසුම් කාලගුණය මෙන්ම මෙම ලැව්ගිනි හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි. ප්‍රංශයේ පැතිර යන ලැව්ගින්න මැඬපවත්වා ඇති බවයි ප්‍රංශ ජනාධිපතිවරයා පවසන්නේ. මේ අතර, වසර ආරම්භයේ සිට මේ දක්වා ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 434,976ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව යුරෝපා සංගමය පවසනවා. යුරෝපය පුරා ලැව්ගිනි 1,407ක් හඳුනාගෙන ඇති අතර, ඒ හරහා කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 17.98ක් වායුගෝලයට එක්වී ඇති බවද සඳහන්. අගෝස්තු මාසයේදී ද උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තවත් ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා.














