Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට
    • දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
    • ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු
    • BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !
    • ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
    • රට ගොඩ දාන හැටි හිටපු වැඩ්ඩෙක් කියයි – VIDEO –
    • පෙන්ෂන් කපන්න එපා – සජබය කියයි ! – VIDEO –
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යුනිෆෝම් එක ගලවනවා – රාජාංගනය OICට තාඹුගලගෙන් තර්ජන

    යුනිෆෝම් එක ගලවනවා – රාජාංගනය OICට තාඹුගලගෙන් තර්ජන

    2023-07-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රාජාංගණය, යාය 18 ප්‍රදේශයේ දින විස්සක් පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබූ සංගීත සැණකෙළියේ කාලය දීර්ඝ කිරීමට හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසර ලබානොදීම නිසා උරණ වූ අදාළ සමාගමේ සභාපතිවරයා සංගීත සැණකෙළි භූමියේදී තමාට බැන තර්ජනය කොට රාජකාරියට බාධා කළ බව පවසමින් රාජාංගණය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්. ගජසිංහ මහතා විසින් පොලිස් ස්තානයේ තොරතුරු සටහන් පොතේ තැබූ සටහනක් සම්බන්ධව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි අමිල සෙනෙවිරත්න මහතා විමර්ශනයක් ආර්ම්භ කොට ඇත.

    උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත සී. ධමින්ද සහ අනුරාධපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ගේ උපදෙස් මත එම විමර්ශනය ආරම්භ කොට තිබෙනවා.

    ඉකුත් 10 වනදා සිට විශාල ශබ්දවාහිනී පද්ධති හා අලංකාර රටා මවන විදුලි ආලෝක ධාරා මධ්‍යයේ දින දාහතරක් තිස්සේ රාත්‍රිය පුරාවට පැවැති එම සංගීත සැණකෙළියට සම්පූර්ණ දින ගණන දින විස්සක් දක්වා තවත් දින හයකට දීර්ඝ කර දෙන ලෙසට කළ ඉල්ලීමක් පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විරංජිත් තාඹුගල පොලිස් ස්ථානාධිපතිවරයාට මෙලෙස බැන තර්ජනය කොට ඇති බවයි වාර්තා වන්නේ.

    එලෙස කාලය දීර්ඝ නොකිරීම නිසා කෝපයට පත්වූ ප්‍රකට ව්‍යාපාරිකයා රාජාංගනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ප්‍රසිද්ධියේ බැණ වැදී යුනිෆෝම් ගලවා දමන බව කියමින් මරණීය තර්ජන එල්ල කර ඇති බවද වාර්තා වනවා.

    කෙසේ වෙතත් පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ අදාළ ව්‍යාපාරිකයා සමග උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්ම සමීප සම්බන්ධතා පවත්වන බවත් ඒ හේතුවෙන් මොහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම දිනෙන් දින කල්දමන බවත්ය.

    මේ අතර විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වෙසෙන සත්ව ප්‍රජාවට සංගීත සැණකෙළියේ ශබ්දය හා අලෝක ධාරා ඉමහත් පීඩාකාරී තත්ත්වයක් බැවින් එම සැණකෙළිය පැවැත්වීම සඳහා ඉදිරියටත් අවසර ලබානොදෙන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිසිය වෙතින් කර තිබූ ඉල්ලීමක් සලකා පොලිසිය සංගීත සැණකෙළියට ශබ්ද විකාශන භාවිතයට බලපත්‍ර ලබානොදීමට තීරණය කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  රාජාංගනය OICට පාට් දැමූ තාඹුගල ඇපමත මුදාහරී

    එකී පෞද්ගලික සමාගමේ සභාපතිවරයා තමන්ට බැන තර්ජනය කළ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු නොලැබුවේ ඒ වන විටත් එම භූමියේ පන් දහසක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් මත් දන්සලක් නිසාත් එම අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ නම් මහජන සාමය කඩවීමට ඉඩ තිබූ නිසා බවත් පොලිස් ස්ථානාධිපති ගජසිංහ මහතා පොලිස් ස්ථානයේ තොරතුරු සටහන් පොතේ සටහන් කොට ඇති බවද වාර්තා වනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අද දින බී වාර්තාවක් මගින් නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

    මේ අතර මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් පැවැත්වෙන බවයි.

    මෙම සැණකෙළිය පැවැත්වීම සම්බන්ධයෙන් රාජාංගණයේ ආගමික නායකයන්, සිවිල් සංවිධාන ඇතුළු ජනතාව විශාල පිරිසක් දැඩි විරෝධය පළකර තිබුණා.

    එහෙත් එම විරෝධය නොතකා දින ගණනාවක් තිස්සේ මෙම සැණකෙළිය පැවැත්වීමට එහි සංවිධායක වූ ප්‍රකට ව්‍යාපාරිකයා කටයුතු කර තිබුණා.

    aura lanka aura lanka music festival rajanganaya rajanganaya yaya 18 viranjith thambugala විරංජිත් තාඹුගල වෛද්‍ය විරංජිත් තාඹුගල
    පෙර පුව​තඅමෙරිකාවේ සහල් අලෙවි කරන සුපිරි වෙළදසැල් ඉදිරිපිට දිගු පෝලිම්
    ඊළඟ පුව​ත කැනඩා අගමැතිගේ ප්‍රකාශයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරලා

    සබැ​ඳි පුවත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    BREAKING NEWS – අද රෑ සිට දුම්රිය වර්ජනයක් !

    ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අකුරේගොඩ ඝාතනයට ආයුධ සැපයූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-02-17

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    දයාසිරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

    2026-02-17

    ජනප්‍රිය රංගන ශිල්පියෙක් කොකේන් එක්ක මාට්ටු

    2026-02-17
    ක්‍රීඩා පුවත්

    ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

    2026-02-17

    T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග

    2026-02-17

    පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට

    2026-02-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group