
ඉන්දියාවට පලා ගොස් සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු තමිල්නාඩු රාමේෂ්වරම්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ, 31 සහ 30 වන වියේ පසුවන පුද්ගලයන දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන්, මෙරට ගම්පහ සහ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා. එසේම මෙම පුද්ගලයින් දෙදෙනාම මෙරට මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනකට මුහුණ දී සිටින බවටයි අනාවරණය වී ඇත්තේ.














