
කොළඹ-අවිස්සාවේල්ල මාර්ගයේ මීගොඩ, බැද්දෙගෙදරමුල්ල හන්දිය ප්‍රදේශයේ රොටී දන්සලක් අසලදී ඊයේ(31) රාත්‍රී සිදු වූ අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියදුරා බීමත්ව සිට ඇති බවට පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 42ක් පමණ වන පිළියන්දල ප්‍රදේශයේ පදිංකරුවෙක් බවද පොලිසිය වැඩිදුරටත් පවසනවා.
මීගොඩ, බැද්දෙගෙදරමුල්ල හන්දිය ප්‍රදේශයේ පිහිටි රොටී දන්සලක පෝලිමේ සිටි පිරිසක් වෙත අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් කඩා වැදීමෙන් ඊයේ(31) රාත්‍රී සිදු වූ අනතුරෙන් පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූවා.
ඒ අදාළ දන්සලෙන් කෑම ලබාගැනීමට සිටි පිරිසකි.
එලෙස මරණයට පත්වූ පිරිස අතර එකම පවුලේ සිව්දෙනෙක් වන බවයි වාර්තා වන්නේ.
එසේම කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලය්න හත් දෙනෙක් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් සහ පිළියන්දල ප්‍රදේශයේ අඹුසැමි යුවළක්, ඔවුන්ගේ දරුවෙක් සහ බිරියගේ මව බවටයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයන්ගේ දේහය හෝමාගම මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර හදිසි මරණ පරීක්‍ෂණය අද සිදු කිරීමට නියමිතයි.
මෙලෙස අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එකම පවුලේ සිව්දෙනා අතර පිළියන්දල වෑවල පල්ලිය පාර ලිපිනයේ පදිංචිව සිටි පී.බී. ඉන්ද්‍රාණි (56) නමැති කාන්තාවක් සහ ඇයගේ දියණිය වන 38 හැවිරිදි නවීෂා නිලක්ෂි, බෑණා වූ ලසික ප්‍රියංකර නානායක්කාර සහ 15 හැවිරිදි දියණියකි.














