Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
    • තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
    • ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
    • 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්
    • අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
    • කාළගුණය තවදුරටත් අවධානම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මීගොඩ දන්සල් අනතුරට සැකපිට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    මීගොඩ දන්සල් අනතුරට සැකපිට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-06-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.101 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීගොඩ ප්‍රදේශයේ දන්සලක් අසල සිදු වූ මාරාන්තික රිය අනතුරෙන් පසුව පළාගොස් සැඟව සිටි කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු මීගොඩ පොලිසිය විසින් අද(06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ අදාළ සැකකරුවන් දෙදෙනා නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට භාරවීමෙන් අනතුරුවයි.

    වෙසක් පොහොය යෙදී තිබූ පසුගිය 31 වනදා රාත්‍රී කාලයේදී මීගොඩ හන්දිය ආසන්න ප්‍රදේශයේ පැවැත්වූ රොටී දන්සලක පෝලිමේ සිටි පිරිසක් වෙත බීමත් රියදුරෙක් පැදවූ කැබ් රථයක් කඩා වැදීමෙන් අමෙම අනතුර සිදුවූවා.

    එහිදී පුද්ගලයන් හය දෙනෙක් මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලැබුවා.

    මෙලෙස මරණයට පත්වූයේ එම දන්සලේ පෝලිමේ සිටි නවීෂා නිලක්ෂි(35), ලසිත ප්‍රියංකර(38), පී.බී. ඉන්ද්‍රාණි(56) යන එකම පවුලේ තිදෙනෙක් සහ ඥාති දියණියක් වූ මලීෂා සත්සරණි (15) සහ එකම පවුලේ සහෝදරයන් වූ 38 හැවිරිදි නිෂාන් ප්‍රියංකර සහ 35 හැවිරිදි ඉෂාන් ප්‍රියංකර යන දෙදෙනා ඇතුළු හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූවා.

    අනතුර සිදු කිරීමෙන් පසුව පලාගිය සැකකාර රියදුරා ලුහුබැඳ ගොස් ගොඩගම ප්‍රදේශයේදී කැබ් රථයද සමගින් අල්ලා ගනු ලැබුවා.

    එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර රියදුරා ඒ වන විටත් අධික ලෙස බීමත්ව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, බීමත්ව රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම ඇතුළු චෝදනා 10ක් යටතේ සැකකාර රියදුරුවරයා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

    එහිදී රියදුරා එළැඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

    අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථයේ තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් සිට ඇති බවටත් ඔවුන් අනතුරෙන් පසුව පළාගොස් ඇති බවටත් පසුව අනාවරණ වී තිබෙනවා.

    ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතමින් ඔවුන්ගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.

    එලෙස ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙක් අද(06) පෙරවරුවේ නීතිඥවරුන් මාර්ගයෙන් මීගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වී තිබෙනවා.

    එලෙස ඉදිරිපත් වීමෙන් පසුව ඔවුන් දෙදෙනා මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පෙර පුව​තA7 පාරට කුණු දාන සෙට් එක තෙවැනි ඇසට අසුවෙයි
    ඊළඟ පුව​ත රිවෝල්වරයක් සමග අයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    අයහපත් කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    2026-09-22

    තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-22

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම්දීමක්

    2026-09-22
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group