
රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ(05) සවස පානදුර දකුණු, කුරුප්පුමුල්ල ප්‍රදේශයේ නිවසක් පානදුර දකුණු පොලිසියේ නිලධාරීන් කන්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, මිලිමීටර් 9 වර්ගයේ ජීව පතරොම් 9ක්, ටී 56 වර්ගයේ ජීව පතරොම් 49ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලිග්‍රෑම් 280ක් හා මත්ද්‍රව්‍ය මැන බැලීම සඳහා භාවිතා කළ විද්‍යුත් තරාදියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 39ක් වන කුරුප්පුමුල්ල, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














