
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ මියගිය හෝ තුවාල ලැබූ සිරකරුවන් සිටියේ රාජ්‍යයේ රැකවරණය සහ ආරක්ෂාව යටතේ බවයි. එමෙන්ම බන්ධනාගාර පද්ධතියේ සේවය කරන අය සහ එහි රඳවා සිටින අය යන දෙපාර්ශවයටම වැඩි ආරක්ෂාවක් ලබාදිය යුතු අතර එම ආරක්ෂාව
සහතික කිරීම රාජ්‍යයේ මූලික වගකීමක් බවද එම නිවේදනයේ දැක්වෙනවා. එම සිදුවීමට අදාළ කරුණු විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීම ගුණාත්මක බවයි එක්සත් ජාතිීන්ගේ සංවිධානය අවධාරණය කලේ . අදාළ කමිටුවේ නිර්දේශ බන්ධනාගාර පහසුකම්වල තත්ත්වය ස්ථීරසාර ලෙස දියුණු කිරීමට දායක විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කල
නිවේදනයේ දැක්වෙනවා.














