Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මාරක අනතුරුවලින් අහිමි වූ ජීවිත

    මාරක අනතුරුවලින් අහිමි වූ ජීවිත

    2025-07-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගෙවී ගිය පැය 24ක කාලය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ මාරක රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් මියගොස් තවත් 7 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

    බිංගිරිය, හුංගම, වත්තල සහ සාලියවැව යන ප්‍රදේශවලදී මෙම මාරක රිය අනතුරු සිදුව තිබෙනවා.

    බිංගිරිය, දළුගොඩ, අකරවත්ත මාර්ගයේ හමන්නාපහුව ප්‍රදේශයේදී අකරවත්ත දෙස සිට දළුගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිශාවටම ගමන් කළ පාපැදියක පසුපස ගැටීමෙන් අනතුරුව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි තවත් යතුරු පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු, යතුරු පැදි දෙකෙහි පැදිකරුවන් සහ පසුපැදිකාරියක් කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    බරපතල තත්ත්වයේ පසුව එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් පමණ ව මොරගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර හුංගම, කදිරගොඩ අඳුපැලෑන අතුරු මාර්ගයේ ගොඩවෙල ප්‍රදේශයේදී අඳුපැලෑන දෙස සිට කදිරගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පාපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු සහ යතුරුපැදිකරු රන්න රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    කෙසේ වෙතත් බරපතල තත්ත්වයේ පසු වූ පාපැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    මරණකරු වයස අවුරුදු හැට පහක් පමණ වූ අඳුපැලෑන, රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    අනතුර සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    කොළඹ – මීගමුව මාර්ගයේ මාබෝල ප්‍රදේශයේදී ද අනතුරක් සිදුව තිබෙනවා.

    පාපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

    අනතුරෙන් බරපතල තුවාල ලැබූ පාපැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
    වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අයෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    අනතුර සිදු කළ යතුරුපැදිකරු අනතුරෙන් පසුව පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංංගුවට ගැනීම සඳහා වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    අනුරාධපුර – පුත්තලම මාර්ගයේ 17 කණුව ආසන්නයේදී අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් වන අලියෙකු මාර්ගයේ රැඳී සිටීම හේතුවෙන් නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් ලොරියක් නවතා තිබූ ලොරි රථයේ පසුපස ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

    අනතුරෙන් තුවාල ලැබූ පසුපසින් ගැටුණු ලොරි රථයේ රියදුරු සහ එහි ඉදිරිපස අසුනේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක් පුත්තලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙක් මරණයට පත්ව තිබෙනවා.

    මුලතිව් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අනතුර සම්බන්ධයෙන් සාලිය වැව පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

    accident
    පෙර පුව​තකොට්ටාව, මහරගම ගෙවල්වලට සුද්දයක් දීපු අයෙක් මාට්ටු
    ඊළඟ පුව​ත පොදුරාජ්‍ය මණ්ඩලයීය ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලිය ලබන මාසයේදි

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group