
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
මෙම පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන්ගෙන රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවදීමට නියමිතයි.
පොලිසිය සඳහන් කළේ ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.














