පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් නිවිතිගල දෙනියකඩේ හන්දිය ප්‍රදේශයේදී කිරිඇල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කිරිඇල්ල, කොටබැද්දාව ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් තුළ පුද්ගලයෙකු කඩා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරිඇල්ල පොලිසිය පොලිසිය සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගැනුණු බවයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් පමණ වන නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කිරිඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.