
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ජලමට්ටම පහළ බැස තිබූ කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.
කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමග විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම මට්ටමින් සිදුකරන බවයි එම විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් කියා සිටියේ.
පවතින වර්ෂාවත් සමග හැටන්-නුවරඑළිය, හැටන්-කොළඹ යන ප්‍රධාන මාර්ගවල ඇතැම් ස්ථානවල ඝන මීදුම් තත්ත්වයක් පැවතීම හේතුවෙන් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනයවන වාහන දිස්නොවන නිසා වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුන්ගෙන් ඉල්ලා සිටිනවා.














