මහඔය, බෙරගල රක්ෂිතයේ හරක් බැඳීමට ගොස් සිටියදී පසුගිය 24 වැනිදා ඝාතනය වී ඇතැයි සැක කරන 50 හැවිරිදි ටී.ඩබ්ලිව්.එම්. කමලාවතී (චන්ගුමී)යන අයගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ අනියම් සැමියා පෙරේදා (27) අත්අඩංගුවට ගත් බව මහඔය පොලීසිය පවසයි .
මේ කාන්තාව පළමු විවාහයෙන් වෙන්වී අනියම් විවාහ කිහිපයක් කරගෙන සිටියි. ඇය අනියම් සැමියා සමඟ වසර 8ක කාලයක් ජීවත්ව ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
වරාපිටිය, කැකිරිහේන ලිපිනයේ පදිංචි මේ 33 හැවිරිදි පුද්ගලයා ඊයේ (28) උදේ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් අම්පාර අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ වාර්තාවේ සඳහන් වන්නේ තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇති බවකි.














