බිත්තර සදහා ආනයන තහනමක් ලබා ගැනීමට උත්සහ දරන්නේ කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීමට බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසනවා .
ඔහු මේ බව පැවසුවේ ඊයේ කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ මහා පරිමාන බිත්තර නිෂ්පාදකයින් මිල තීරණය කිරීම සිදු කරන බවයි .
මෙතෙක් සිටි සෑම ආණ්ඩුවක්ම මෙරට ගොවීන්ගේ නිෂ්පාදන වියදම වැඩි නම් ආනයන කිරීමට කටයුතු කල බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා මෙහිදී සදහන් කළා .
මේ හේතුවෙන් දේශීය ගොවින් ආරක්ෂා කර ගැනීමට අනිවාර්යෙන් ආනයනය තහනම් කල යුතු බවයි ඔහු මෙහිදී වැඩි දුරටත් සදහන් කලේ .