ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
පළමු තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 171ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී නායක ෆෆ් ඩූ ප්ලෙසි ලකුණු 55ක් සහ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 54ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්තාන් කණ්ඩායමට පන්දුවාර 10යි පන්දු 03ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 59ක් පමණයි.
ඒ අනුව බැංගලෝර් කණ්ඩායම ලකුණු 112ක ජයක් වාර්තා කළා.
මේ අතර දෙවැනි තරගයෙන් චෙන්නායි කණ්ඩායම පරදා කඩුළු 6ක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත් වුණා.
එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 144ක්. එහිදී ශිවම් ඩූබේ නොදැවී ලකුණු 48ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 03ක් අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට














