බස් ගාස්තු සංශෝධනයත් සමග නව ගාස්තු අය නොකරන බස් රථ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඒ අනුව නව ගාස්තු අය නොකරන බස්රථ පිළිබද 1955 ක්ෂණික ඇතුම් අංකයට පැමිණිලි කරන ලෙසයි ගමනාගමන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ.
ඉන්ධන මිල අඩුවීමත් සමග සිදුකරන ලද බස් ගාස්තු සංශෝධනය සියලු මගී ප්රවාහන බස් රථ තුළ ප්රදර්ශනය කළ යුතුවනවා.
ඒ පිළිබද සොයා බැලීම සදහා ජංගම පරීක්ෂක නිලධාරීන් යොදවා ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කළා.