
පේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පේරු නිලධාරින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෙස්නා සී -208 යානයක් මෙලෙස අනතුරකට ලක්ව ඇති බවයි. එම අවස්ථාවේදී එය නස්කා රේඛා පුරාවිද්‍යා භූමියට ඉහළින් පියාසර කරමින් සිට තිබෙනවා.













