බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරී ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
දෙසැම්බර් මස 31 වැනි දිනට පළමුව අදාළ සංවර්ධන සැලසුම් ව්යාාපෘති වාර්තාව තමන්ට ලැබෙන්නට සළස්වන ලෙසද ඔහු එහිදි අවධාරණය කළා.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෑලියගොඩ නගරයේ ගංවතුර තර්ජනයට විසඳුම් ලෙස පෑලියගොඩ නගරයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්වල මහල් නිවාස සංකීර්ණ ඉදිකළ යුතු බවත්, පෑලියගොඩ මැනිං වෙළඳපොළ ආශ්‍රිතව අවන්හල් කිහිපයක් ඉදි කිරීමටත්, කැලණිය පූජාභූමිය සංවර්ධනයටත් අවධානය යොමුකළ යුතු බවට උපදෙස් දුන්නා.
එමෙන්ම පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය ආසන්නයේ පිහිටා ඇති අනවසර වෙළඳසැල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සුදුසු භූමියක් ඒ ආසන්නයෙන්ම වෙන්කර දෙන ලෙසද අමාත්‍යවරයා කියා සිටියා.
එම ව්‍යාපෘති සැකසීමේදී කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබාගැනීම අනිවාර්ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.