ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවැති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී මුළු ලකුණු 294 ක් රැස් කළා.
මේ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිමි වූ ඉලක්කය ලකුණු 295ක්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 234 කට සීමා කළ ඇෆ්ගන් පන්දු යවන්නන් පළමු තරගයේ ජයග්‍රහණයේ සතුට ඇෆ්ගනිස්තානයට ලබා දුන්නා.
පන්දුවාර 38 ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත ලකුණු සංඛ්‍යාව 234 ක්.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 85 ක් සහ වනිඳු හසරංග ලකුණු 66 ක් ලබා ගත්තා. මේ අනුව ඇෆ්ගනිස්තානයට ලකුණු 60 ක ජයක් හිමි වුණා.
ශ්‍රිලංකාවේ පරාජය පිළිබඳ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් මහතා කරුණු දක්වා සිටියේ මෙලෙසින්…
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













