
පාස්කු ප්‍රහාරයට අදාළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය අද සිට පැවැත්වෙනවා. නඩුවේ චූදිතයින්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ගේ විත්ති වාචිකය කැඳවීම පසුගිය 13 වනදා සිදුකර තිබුණා. එහිදී චූදිතයින්ට ව්‍යවස්ථාපිතව හිමි සියලු අයිතිවාසිකම් පිළිබඳව ද පහදා දීමටයි කටයුතු කර තිබුණේ. නඩු වාර්තාව අනුව ඇතැම් චූදිතයින් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකිරීමට තීරණය කර ඇති අතර, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් ද කැඳවීමට නියමිතයි. තවත් චූදිතයින් පිරිසක් විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් නමුත්, ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවන්නේ නැති බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.














